අන්තර් පළාත් සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ චාමර සිල්වා නායකයා ලෙස කටයුතු කරන රුහුණ පිල සහ කෞෂල්‍ය වීරරත්න නායකයා ලෙස කටයුතු කරන උතුර - නැගෙනහිර ඒකාබද්ධ පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (19) පැවැති තරගයෙන් රුහුණ පිල කඩුලූ 7 ක පහසු ජයක් ලැබීය.
උතුර - නැගෙනහිර පිල ඕවර 50 යේදී කඩුලූ 8 ට 170
(උදාර ජයසුන්දර 32, මිලින්ද සිරිවර්ධන 31, සමීර සොයිසා 37, කෞෂල්‍ය වීරරත්න 21, සාලිය සමන් නොදැවී 21, මධුක ලියනපතිරණ නොදැවී 13, දිල්හාර ලොකුහෙට්ටිගේ 19/2, ජනක ගුණරත්න 28/2)
රුහුණ පිල ඕවර 34.4 කදී කඩුලූ 3 ට 171
(ෂෙහාන් ජයසූරිය 39, ගයාන් මනීෂාන් 18, අෂාන් ප‍්‍රියංජන් නොදැවී 63, ඉන්දික ද සේරම් 32, චාමර සිල්වා නොදැවී 11)

