රුසියාවේ සයිබීරියානු නගරයක් වන කෙමරොව්හි වෙළඳ සංකීර්ණයක ඇතිවූ ගින්නෙන් 37දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ගින්න හේතුවෙන් කුඩා දරුවන් ඇතුළු තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති අතර මියගිය සංඛ්‍යාව බොහෝ සෙයින් ඉහලයා හැකි බවද බලධාරීහු පවසති.
වින්ටර් චෙරී නම් සාප්පු සංකීර්ණයේ ඉහල මහලයේ ගින්න හටගෙන ඇති අතර එහි සිනමා ශාලාවක සිටි බොහෝපිරිසක් මෙසේ අනතුරට ලක්වි ඇති බව කියයි.
ගින්නෙන් බේරීම සඳහා සාප්පු සංකීර්ණයේ ඉහල සිට පුද්ගලයන් බිමට පනින ආකාරය මාධ්‍ය වාර්තා කර ඇති අතර ගින්නට හේතුව තවම අණාවරනය කරගෙන නොමැති බව පොලිසිය පවසයි.
කෙමරොව් නගරය මොස්කව් සිට කිලෝමීටර් 3600ක් පමණ දුරින් පිහිටා ඇති අතර 2013 වර්ෂයේ ආරම්භ කර ඇති මෙම සාප්පු සංකීර්ණයේ සිනමාශාලා, ආපනශාලා, හුමාල ස්නාන ආයතන, ක්‍රීඩාගාර හා සත්වෝද්‍යානයක් ද පිහිටා ඇත.
සහන සේවකයින් 300ක් ගිනි නිවන ඒකක 62ක් සහ ගුවන් යානා ද යොදාගෙන ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන බව බලධාරීහූ පවසති
(බීබීසී ඇසුරිණි - 085)
රුසියාවේ ගින්නකින් 37 ක් මරුට
Recommended Articles