මොස්කව්හිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවේ ඩැමැස්කස් නුවර ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ රුසියාවේ ඉල්ලීම පරිදි අද (14) ආරක්ෂක කවුන්සිලය රැස්වීමට නියමිතය.
සිරියාවට එස් - 300 මිසයිල ආරක්ෂණ පද්ධතියක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන බව ද රුසියාව අද නිවේදනය කළේය.
“ඇමෙරිකාව සහ ඔවුන්ගේ මිත්‍ර රටවල ආක්‍රමණශීලි ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් කැඳවන්න.” යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එම පණිවිඩය ක්‍රෙම්ලීන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබිණි.
“සිරියාව සහ ඒ අවට මේ වනවිය ඇතිවෙමින් පවතින තත්ත්වය සමස්ත ජාත්‍යන්තර සබඳතා පද්ධතියට අහිතකර ලෙස බලපෑම් එල්ල කරනවා.” යැයි ද පුටින් ජනාධිපතිවරයා එම නිවේදනයේ සඳහන් කර තිබිණි.
055