රුසියානු ප්‍රවාහන ගුවන් යානාවක් සිරියාවේදි කඩාවැටීමෙන් එහි ගමන්ගත් 32දෙනාම මියගොස් ඇතැයි ආරක්ෂකඅංශ පවසයි. අනතුරට පත්වන අවස්ථාවේ යානයේ මගීන් 26 දෙනකු හා කාර්යයමණ්ඩලය හයදෙනකු ගමන් කර ඇති බව ද සඳහන් වේ.
An-26 වර්ගයේ ගුවන් යානය සිරියාවේ වෙරළබඩ නගරයක් වන ලැටකියාහි හමෙයිමිම් ගුවන් කඳවුරට ගොඩබස්වන අවස්ථාවේ මෙසේ අනතුරට පත්වී ඇති බව සිරියානු මාධ්‍ය වාර්තා කරයි.
කාර්මික දෝශයක් නිසා අනතුර සිදුවූ බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත.
සිරියාවේ ත්‍රස්ත ඉලක්ක වලට ප්‍රහාර එල්ල කරන ප්‍රධාන ස්ථානය හමෙයිමිම් කඳවුර වන අතර ත්‍රස්තවාදීන් සිටින ප්‍රදේශ වලට පමණක් ප්‍රහාර එල්ල කරන බවට රුසියාව පැවසුවත් මෙම ප්‍රහාර වලින් සිවිල් වැසියන් බොහෝ පිරිසක් ඝාතනය වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
(බීබිසි පුවත් ඇසුරිණි - 085)