කොළඹ සුපිරි වෙළෙඳ සලක දී ශ්‍රී ලංකාවේ රුසියා තානාපති කාර්යාල නිලධාරියකුට බැන පහරදීමට උත්සාහ කළැයි සැකපිට සොයන මංජුල වීරකෝන් අපේක්ෂිත ඇපයක් ඉල්ලා ගොනු කළ පැමිණිල්ල කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද ප්‍රතික්ෂේප කළේය.
රාජ තාන්ත්‍රිකයකුට වූ මේ සිද්ධිය සුළුවෙන් තැකිය නොහැකි බවත්, එය රටේ කීර්තිනාමයට හානියක් බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

