රුසියා ඡන්දෙට ලංකාවෙත් ඡන්ද පොළක්


රුසියාවේ ‘පෙරදිග රුසියාව‘ ප්‍රාන්තයේ අද පැවැත්වෙන මැතිවරණය සදහා මෙරට වෙසෙන රුසියා ජාතිකයන්ටද, සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානයක් කොළඹ රුසියා සංස්කෘතික මධ්‍යස්ථානයේදී අද උදෑසන සිට පැවැත්වේ.  අනන්‍යතාවය තහවුරු කිරීමෙන් මෙරට සිටින ඕනෑම රුසියානුවන්ට සිය ඡන්දය ප්‍රකාශ කල හැකි බවත් ශ්‍රී ලංකාවේ සිටින රුසියානුවන් 80 ත් 100 ත් අතර පිරිසක් ඊට සුදුසුකම් ලබා සිටින බවත් එහි ප්‍රකාශකයෙක් පැවසීය.

එම ඡන්දයට දේශපාලන පක්ෂ හතක නියෝජිතයෝ හත්දෙනෙක් තරග කරති.