රුවන්පුරේ මැණික් ව්‍යාපාරකයකුටත් කොරෝනා


(අප්සරා යෝසිත් විජේසූරිය)

රත්නපුර මුද්දූව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මැණික් වෙළඳ ව්‍යාපාරිකයකුට නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරුව ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය පවසයි.

එම රෝගියා කොළඹ අයිඩීඑච් රෝහල වෙත යොමු කිරීමට රත්නපුර මහ රෝහල මගින් කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

මෙම වෛරස ආසාදිත පුද්ගලයා ගල්කිස්ස ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයා සමඟ ගනුදෙනු කළ අයෙකු බව සෞඛ්‍ය අංශ කළ සොයා බැලීමේදී අනාවරණය වී තිබේ.

කොරෝනා වෛරසයෙන් ආරක්‍ක්‍ෂා වීමට මහජනයා විශාල වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳීසිටීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ පවසයි. එසේම යම් අයෙකුට කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක සහිත නම් එම පුද්ගලයන් වහාම රජයේ රෝහල කරා යොමු වී වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අංශ පවසයි.

රත්නපුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා වෛරස ආසාදිත යැයි තහවුරු වී නොමැති  සැක සහිත රෝගීන් 14  ක් අතරින් රෝගීන් 7කට වැඩි ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදිත වී නොමැති බව රෝගීන්ගේ සාම්පල පරීක්‍ෂණ වාර්තා  අනුව තහවුරු වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.