රටේ ආරක්ෂාව තහවුරු කරන ගමන් රණවිරුවන්ගේ සුබ සාධනය කෙරෙහි අවධානය යොමු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (11) රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවසීය.
නව රජයේ ආරක්ෂක රාජ්‍ය ඇමැති ලෙස ජනපති විසින් පැත් කැරුණු වියජවර්ධන මහතා අද (11) සුබ මොහොතින් එම අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය.
සර්ව ආගමික වතාවත්වලින් පසු වැඩ බාර ගත් ඇමැතිවරයා පිළි ගැනීමේ විශේෂ උත්සවය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
මෛත්‍රීපාල සිරිසේන ජනපති ද හදිසියේම එම ස්ථානයට පැමිණ විජයවර්ධන මහතාට සුබ පැතීය.
ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක රාජ්‍ය ලේකම් කේ පී ඩී කිත්සිරි මහත්වරු ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිද හමුදාපතිවරු ද, පවුලේ සමීප නෑ හිතවත්හු ද ඊට සහභාගී වූහ.
(වීඩියෝ ශාන්ත සෙනවිරත්න)


