
(අංජුල මහික වීරරත්න)
සිරිකොත මහජන දිනය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සෑම සතියකම සඳුදා සහ අඟහරුවාදා යන දෙදින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම මහජන දිනය පැවැත්වෙයි.
රුවන් විජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පැවති මහජන හමුවට විවිධ පළාත් නියෝජනය කරමින් ජනතාව සහභාගී වූ අතර ඔවුන් ඉදිරිපත් කළ ප්‍රශ්න සඳහා විසැඳුම් ලබාදීමට අදාල අංශවලට යොමු කරන බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.

