රුවන්ගෙන් ගංවතුර ආධාර


(අංජුල මහික වීරරත්න)

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ආසනයේ ප්‍රදේශ කිහිපයක ගං වතුරෙන් ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමේ සත්කාරක වැඩසටහනක්  කාලගුණ විපර්යාස පිලිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ  අනුග්‍රහය සහ අධීක්ෂණය යටතේ අද (4) ක්‍රියාත්මක විය. 

රුවන් විජයවර්ධන මහතාගේ පෞද්ගලික ඉල්ලීම මත නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් භාණ්ඩ බෙදාදීමට අවශ්‍ය බෝට්ටු ලබා දුන් අතර , වල්ගම, මල්වාන, ලක්ෂපාන, යබරලුව, පේරගස් හන්දිය, බියගම දකුණ, පට්ටිවිල ,තලවත්ත, බෝල්ලගල සහ  මාබිම  යන ප්‍රදේශවල වියලි ආහාර, අමුද්‍රව්‍ය සහ අවශ්‍ය උපකරණ බෙදා දීමේ කටයුතු  සිදුවිය. රුවන් විජයවර්ධන සම්බන්ධීකරණ ලේකම්  සජන සූරියආරච්චි, හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සම්පත් බියගම  එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ ලේකම් ෂෙල්ටන් සෙබස්තියන්,බියගම එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකාරක අසන්ත විජේලත් මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.