රුවන් විජයවර්ධනත් වාහන කුලිය ගෙවයි


මැතිවරණ සමයේ රජයේ වාහන භාවිත කරන්නේ නම් ඒ සඳහා මුදල් ගෙවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආ යෝජනාව අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් රජයෙන් ලබා දී ඇති වාහන තුනක් සඳහා රුපියල් ලක්ෂ තුනක් ගෙවනු ලැබීය.

අැමැති විජයවර්ධන මහතා රජයේ වාහන භාවිත නොකළ අතර ඔහු ගමන් ගියේ සිය පෞද්ගලික රථයෙනි.

විජයවර්ධන මහතාගේ කාර්ය මණ්ඩලයේ  වාහන රජයෙන් දැනුම් දීමටත් පෙර භාර දුන් අතර ආරක්ෂකයන් ගමන් ගන්නා වාහනයක් ඇතුළු වාහන තුනක් පමණක් කාර්ය මණ්ඩලයේ රාජකාරි සඳහා තබා ගත්තේය. ඒ වාහන තුන සඳහා ද රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ තුනක් ගෙවා දැමූ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය කියයි.

11693970_798689280248985_2801763385665834801_n 11752506_798690070248906_3836432145056545064_n