රුවන් මෛත්‍රී මූර්ති මහා නා හිමි බැහැදකී


(අංජුල මහික වීරරත්න සහ වයි.ඒ.එස්.වීරවංශ)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නා හිමි මිරිස්වත්ත ශ්‍රී ධම්මානන්ද  පිරිවෙනේදී  විහාරයේදි බැහැදුටුවෙිය.

එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ සංගමය නියෝජනය කරමින් සුජිත් අක්කරවත්ත මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රුවන් විජයවර්ධන  මහතා පැවසූයේ කුමන බාධක පැමිණියත් වර්තමාන ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට  කැපවන බවයි.

ඡායා වයි.ඒ.එස්.වීරවංශ