ටී.කේ.ජී.කපිල
ශ්‍රී ලංකා රුපියල් 12,75,000 ක් නීතිවිරෝධීව චීනය බලා රැගෙන යෑමට තැත් කළ බව කියන චීන ජාතික කාන්තාවක අද අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය විපුල මිනුවන්පිටිය මහතා පැවසීය.
චීනයේ බෙයිජිං බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 868 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එම ගුවන් යානය අසලම වූ පිටත්වීමේ පර්යන්තයේ 12 වන ගේට්ටුව සමීපයේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබුණි .
ඇය රැගෙන ආ ගමන් මල්ලක රුපියල් 5000 නෝට්ටු 255 ක් තිබිණි.