රුපියල් බිලියන 2200ක ණයක් ලංකාවට ගෙවන්න වෙයි


(රංජන් කස්තුරි

 
ශ්‍රී ලංකාවට මේ වසරේදී රුපියල් බිලියන 2200ක අතිවිශාල ණය මුදලක් ගෙවීමට සිදුව ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.   
                                                        
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය වෙනුවෙන් වාරික මුදල ලෙස රුපියල් බිලියන 1300ක් ද පොලී මුදල් ලෙස රුපියල් බිලියන 900ක්ද වශයෙන් එම මුදල ගෙවීමට සිදුව ඇතැයි ද එම අමාත්‍යාංශය පවසයි.  
                
ශ්‍රී ලංකාවේ පැවැති ආණ්ඩු හා වර්තමාන ආණ්ඩුව දේශීය හා විදේශීය ආයතනවලින් ලබාගත් ණය වෙනුවෙන් 2019 වසරට අදාළව එම මුදල ගෙවිය යුතු වන අතර විදෙස් ආයතන, විදෙස් ආණ්ඩුවලින් ලබාගත් ණය, භාණ්ඩාගාර බිල්පත් සුරැකුම්පත් ආදිය ඇතුළු විවිධ ක්‍රම යටතේ එම ණය ලබාගෙන තිබෙන බවද එම අමාත්‍යංශය කියයි.    
                                        
ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයක් විසින් වසරකදී ණය ගෙවීම සඳහා වැයකිරීමට නියමිත විශාලතම මුදල මෙය වීම විශේෂත්වයකැයිද එම අමාත්‍යංශය කියයි.