රුපියල් කෝටි එකහමාරක් වංචා කළ කත අල්ලන්න මහජන සහය පතයි


(ඉන්දිකා රාමනායක)

ගල්කිස්ස ප‍්‍රදේශයේ වෙළෙඳ ආයතනයක් පවත්වාගෙන යමින් නිමි ඇදුම් ලබාගෙන වෙළෙඳසල් හිමියන්ට අගරු චෙක්පත් ලබා දී රුපියල් කෝටි 1 1/2 ට අධික මුදලක් වංචා කළ  කාන්තාවක් අත්අඩංගුවට  ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය මහජන සහය පතයි.

ජාතික හැඳුනුම්පත් අංක 687611799 v දරණ දෝන සිතාරා  ගීතානි  කළුආරච්චි  වන මෙම කාන්තාව මොරටුව උයන පාරේ අංක 6 දරණ ලිපිනයේ සහ කැස්බෑව, කල්ගහහේන පාරේ, අංක 194/31 දරණ ලිපිනයේ පදිංචිව  සිට දැනට එම ලිපින වලින් අතුරුදන්ව ඇතැයි  පොලිසිය කියයි.

මෙම කාන්තාව අගරු චෙක්පත් ලබාදී රුපියල් 8,642,064 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන්  ගල්කිස්ස පොලිසියට හා ගල්කිස්ස විශේෂ අපරාධ  විමර්ශන  ඒකකය  පැමිණිලි 24 ට අදාල සැකකාරියට එරෙහිව නඩු පවරා ඇති බවද පොලිසිය කියයි.

2017 වසරේ රුපියල් 69,14480  අගරු චෙක්පත් ලබාදීම සම්බන්ධයෙන්  ලැබුණු පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාරියට එරෙහිව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

පහත ඡායාරූපයේ  සිටින සැකකාරි සම්බන්ධයෙන්  තොරතුරු වෙතොත් ගල්කිස්ස  විශේෂ අපරාධ විමර්ශන  ඒකකයේ  - 0112-729621, දුරකතන අංකයට  හෝ ගල්කිස්ස මුලස්ථාන පොලිස් පරීක්ෂක - 071-8591664 දරණ අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඡායාරූප සැපයුම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය