(රංජන් කස්තුරි )
මිල්කෝ අයතනය සතු රුපියල් කෝටි 50 ක පමණ වටිනාකමකින් යුතු කිරිපිටි තොගයක් භාවිතයට ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන ඒකකය අද (05) පරීක්ෂණයක් අරඹා තිබේ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධක සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ රූබන් වික්‍රමාරච්චි මහතා පැවසීය.
විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඊයේ මිල්කෝ ආයතනයට ගොස් අදාල විමර්ශනය ආරම්භකළ බවද වික්‍රමාරච්චි මහතා කීවේය.
පැකට් 40,000 ක් හා පැකට් නොකළ කිරිපිටි කිලෝ ලක්ෂ 25ක්ද ගබඩා කර ඇති අතර ඒවා භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ.