රුපියල් 500 පඩිය වැඩිකිරීම ගැන සාකච්ඡා ඇමැති නවීන් පැමිණි පසු


තරිඳු ජයවර්ධන
 
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා ආරම්භ කරන බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ පලනි  දිගම්බරන් මහතා පැවසීය.

 
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විදේශ ගතව සිටින බැවින් ඔහු ලංකාවට පැමිණි වහාම මෙම සාකච්ඡා ආරම්භ කරන බව ද ඇමැතිවරයා කීවේය.
 
මේ වන විට වතු කම්කරුවකුගේ දෛනික මූලික වැටුප රුපියල් 500කි. වතුකම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිති සහ වතු හිමියන් අතර අත්සන් කරන සාමූහික ගිවිසුම වසර දෙකකට වරක් අත්සන් කරන අතර දෛනික වැටුප වැඩි කිරීම ගැන එකඟතාවයකට නොපැමිණීම නිසා මාස ගණනක සිට ගිවිසුම පමා වෙමින් තිබේ.