රුපියලකින් ගාස්තු වැඩි කිරීමේ යෝජනාවක්?


පෞද්ගලික බස් ගාස්තු වැඩි කිරීම හා ඉන්දන සහනාධාරය ගැන බස් නියෝජිතයන් හා රජය අතර සාකච්ඡා ඇරැඹී ඇත. ඉන්දන සහානාධාර වෙනුවට බස් ගාස්තු වැඩි කිරීමේ අවම මුදලක් ගැන ද සාකච්ඡා කැරෙයි.  සහනාධාරය වෙනුවට රුපියල් හතේ අවම ගාස්තුව රුපියල් අටක් බවට පත් කැර සෙසු ගාස්තු ද ඒ අනුව වැඩි කිරීමේ යෝජනාවකට බස් හිමියන් එකඟවුවහොත් වර්ජනය අවසන්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.