රුපියල බාල්දු කළාට වාසු කැමති නෑ
විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා:-
මේ අයවැය සමතුලිත එකක්. සංවර්ධනයට හා සුභසාධනයට සමබරව මුදල් වෙන්කර තිබෙනවා. යෝධ ඉදිරි ගමනකට ඉදිරි පියවර 100 ක යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.
එරාන් වික‍්‍රමරත්න මහතා (එජාප):-
මෑත භාගයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බොහෝ රටවල ආර්ථිකයන් කඩා වට්ටවා තිබෙනවා. රටක අධිකරණය ස්වාධීනව තිබිය යුතුයි. මහ බැංකුවේ ස්වාධීනත්වයද ආරක්‍ෂා කරගත යුතුයි.
ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා:-
මා ඇමැතිවරයෙක් හැටියට හිටියත් මෙවර අයවැයෙන් සියයට තුනක රුපියල අවප‍්‍රමාණය කිරීම ගැන මගේ පක්‍ෂයේ විදියට කැමති නැහැ. මේ රජය නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය කප්පාදු කර නැහැ. අයවැය කියන්නේ තෑගි බෙදා දීමේ උත්සවයක් නොවෙයි.
නාමල් රාජපක්‍ෂ මහතා (එජනිස):-
අද මේ රටේ ආර්ථීක වර්ධනය බලා ඒක පුද්ගල ආදායම වැඩිවෙලා. විරැකියාව අඩුවී තිබෙනවා. රැකියා වෙළෙඳපළට ගැලපෙන තරුණ තරුණියන් බිහි කිරීමට කාලය පැමිණ තිබෙනවා.
ශිවශක්ති ආනන්දන් මහතා (දෙජාස):-
රුදුරු යුද්ධය අවසන් වී තිබුණත් යුද්ධයට හේතුවූ කරුණු තවම ඉතිරි වී තිබෙනවා. මේ දේශපාලන පිළිකාවට සැබෑ පිළියමක් ලැබිය යුතුයි. සියලූ ජාතීන් අතර සැකය නැති කිරීමට අන්‍යෙන්‍ය අවබෝධයක් ඇති කළ යුතුයි. එය වචනයෙන් නොව ක‍්‍රියාවෙන් ඉටු කළ යුතුයි. දේශපාලන කතා කීමෙන් පමණක් මේ ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ.
ජල සම්පාදන නියෝජ්‍ය ඇමැතිනි නිරූපමා රාජපක්‍ෂ මහත්මිය:-
මේ අයවැය තනි පුද්ගලයකුට නොව සියලූ දෙනාට ප‍්‍රතිලාභ ලැබෙන අයවැයක්. ලෝක ආර්ථිකය කඩා වැටෙත්දීත් අපේ ආර්ථිකය හොඳට තිබුණා.
නිරෝෂණ පෙරේරා මහතා (එජාප):-
අයවැයක් එනවට ජනතාව බියට පත්වන කාලයක් තිබුණා. නමුත් දැන් එසේ බිය විය යුතු නැහැ. ඊට හේතුව අයවැයට පෙර ගැසට් පත‍්‍රයෙන් වැඩි කළ යුතු දේවල් වැඩි කිරීමයි. මේ අයවැය ඒමටත් පෙර එසේ තෙල් මිල වැඩි කළා. මේ රටේ ආර්ථිකය අද සීමිත පිරිසකගේ බලපෑමට යටවී තිබෙනවා.
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා:-
අද උදේ මේ අයවැය විවාදය ආරම්භ කරමින් කතා කළේ මංගල සමරවීර මන්ත‍්‍රීතුමා. එය අහස පොළව නුහුලන කතාවක්. මේ වන විට මාතර දිස්ත‍්‍රික්කයේ තද සුළං සහිත කාල ගුණ තත්ත්වයක් නිසා එහි ජනතාව පීඩාවට පත් වෙලා. සමරවීර මහතාගේ කතාව නුහුලන ස්වභාව ධර්මයා කළ දෙයක් ඒක. පීඩාවට පත්වූ ජනතාවට මගේ කණගාටුව පළ කරනවා.

