හර්ෂණ තුෂාර සිල්වා
රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් පසුගිය සිකුරාදා (1) ඩොලරයට සාපේක්ෂව 159.61 ක් දැක්වුණු රුපියලේ අගය අද (4) ඩොලරයට සාපේක්ෂව 159.84ක් දක්වා පහළ ගියේය.
ඉකුත් පෙබරවාරි 10 වැනි දා සිට අඛණ්ඩව පහත වැටෙමින් තිබෙන රුපියලේ අගය මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය.
මේ වසරේ ජනවාරි 1 වැනි දා ජූනි 1 වැනි දා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 3.3කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
එම කාලයේදී ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියල 2.1කින් ද යුරෝවකට සාපේක්ෂව 1.3කින් ද අවප්‍රමාණය වී තිබේ.
රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් ඉකුත් (11) සඳහන් කළේය.
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (4) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 214.95ක් ලෙසත් යුරෝවකට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 188.10ක් ලෙසත් දැක්විණි.