රුපියල අව ප්‍රමාණ වීමෙන් රුපියල් ‍කෝටි 1690 ක ශුද්ධ වාසියක්


 (රන්ජන් කස්තුරි)

රුපියල අව ප්‍රමාණ වීම නිසා ඉකුත් කාලය තුළ රජයට රුපියල් කෝටි 1690 ක ශුද්ධ වාසියක් අත්වී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් සිදුවන වාසි අවාසි ගණනය කළ  විට අවසන් ප්‍රතිඵලය   ලෙස ශූද්ද  වාසියක් අත්පත් වී ඇතැයිද ශ්‍රී ලංකා  මහ බැංකුව සඳහන් කරයි.


  කෙසේ වෙතත් රැපියල දිගින් දිගටම අව ප්‍රමාණයවීම වැලක්වීමේ  පියවරක් ලෙස ඩොලර් මිලියන 136.65 ක් වෙළඳපොළට නිකුත් කිරීමට මහ බැංකුව පියවර ගත් අතර  ඩොලර් මිලියන 100 ක් වියදම් කළ බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති  ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා  කීය.


 මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු පොලී අනුපාත   තවදුරටත් නොවන්නට පවත්වාගෙන යාමට තීරණයක් ගත් බවද ඔහු කීවේය.