(නිමල කොඩිතුවක්කු)
ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදීම ගබඩාගත රුධිර ප‍්‍රමාණය අඩුවන බැවින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
සෑම වසරකම ජනවාරි සිට අපේ‍්‍රල් මාසය දක්වා කාලය තුළ රුධිරය පරිත්‍යාග කිරීම අවම වන බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
රුධිරය හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවද බෙල්ලන මහතා සඳහන් කළේය.
නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට අමතරව ලේ බැංකු 107 ක් දිවයින පුරා පවතින බවත් එම ඕනෑම ස්ථානයකට ගොස් රුධිරය පරිත්‍යාග කිරීමට හැකියාව පවතින බවද ඔහු කීවේය.

