රුක්මන් කෑගල්ලෙන් මහ ඡන්දෙට


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්.සේනානායක මහතාගේ මුණුබුරකු වන රුක්මන් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට තරග කිරීමට යයි.

ඔහු දැරණියගල ආසන සංවිධායක ලෙස අද (1) එජාප නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබ සිටී.

1973 දැදිගමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු පසුව පොළොන්නරුව හා කෑගල්ලෙන් 1997 සිට 2010 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

ඔහු ව්‍යාපාරික රොබට් සේනානායක මහතාගේ පුත්‍රයෙකි. රොබට් සේනානායක හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ සොහොයුරෙකි.