රු5000 වටිනා ව්‍යාජ වවුචර් බෙදූ අයෙක් අම්බලන්තොටදී අත් අඩංගුවට


සනත් ගමගේ
 
ඡන්දය ආයාචනා කිරීමට හම්බන්තොට ප්‍රදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකුගේ ආධාරකරුවකු රුපියල් 5000 ක් වටිනා ව්‍යාජ වවුචර් පත්‍ බෙදමින් සිටියදී අද(10) අම්බලන්තොට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 
දකුණු පළාත් සභා මන්ත්‍රී එස්.වී.පී ආනන්ද මහතා හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකයට පැමිණිලි කිරීමෙන් පසුව මෙම පුද්ගලයා අදාළ වවුචර් පත් සමඟ අම්බලන්තොට උඩ බැරගම ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත.
 
රුපියල් 5000 ව්‍යාජ වවුචරයේ ෆුට් සිටි යනුවෙන්ද සඳහන් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ පවත්වයි.