රු 300ට අධිවේගයේ යන්න ඉල්ලයි
ලංගම ගාස්තුවට වඩා රුපියල් සියයක් අඩුවෙන් අධිවේගී මාර්ගයේ ගාල්ල දක්වා මගීන් ප්‍රවාහනයට අවසර ලබා දෙන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි.
ඔහු වැඩිදුරටත් කියනුයේ රුපියල් 300 කට අධිවේගී මාර්ගයේ මගීන් ප්‍රවාහනයට බස් රථ 5 ක් යෙදවීමට ගමනා ගමන කොමිසමෙන් අවසර ඉල්ලා ඇති බවයි.

