රීති ප්‍රශ්න අවභාවිත කරන්න එපා - කතානායක


කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද  පාර්ලිමේන්තුවේදී අවවාද කළේය.
 
පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මහතා රීති ප්‍රශ්නයක් ඉල්ලා සිටිමින් වෙනත් කරුණු මතු කිරීමේදී කතානායකවරයා මෙලෙස විමල් වීරවංශ මහතාට අවවාද කළේය.
 
‘රීති ප්‍රශ්න අවභාවිතා කරන්න එපා. රීති ප්‍රශ්න ඉල්ලන විට  ඒ අවස්ථාව දෙනවද නැද්ද කියලා මට  නැවත හිතන්න වෙනවා මන්ත්‍රීතුමා . ‘යැයි කතානායකවරයා විමල් වීරවංශ මහතාට පැවසීය.