රිසානාගේ මරණයේ වගකීමෙන් රජයට බේරෙන්න බෑ


රිසානා නෆීක්ගේ මරණයේ ප්‍රධාන වගඋත්තර කරු වනුයේ ඇගේ පවුලේ අය ඇතුළු ශ්‍රී ලංකාවේ පවුල් ලක්ෂ 40ක් ගිල්වනු ලැබ සිටින දුප්පත්කම බවත්, ඒ අනුව දුප්පත්කම හා එම දුප්පත් කම ඉදිරියට ගෙනයන ධනපති කම රකින මහින්ද රාජපක්ෂ රජය බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත්කරමින් කියයි.

රිසානාට පැණවූ මරණ දඩුවම සානුකම්පිත හේතු මත ඉවත් කරන ලෙස ජවිපෙ ඇතුළු සංවිධාන කළ ඉල්ලීමට සෞදි පාලකයන් කන්දී නැතැයි ද, දුප්පතකම නැති කිරීමට ඇති විසඳුම කාන්තාවන් වහල් සේවය සඳහා පිටරට යැවීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය සිතන නමුත් එය අදූරදර්ශී මෙන්ම අමානුෂික ප්‍රතිපත්තියක් බවත් ජවිපෙ කියයි.

රිසානාගේ ගෙළ සිඳීමේ වගකීම රජය බාර ගතයුතුයැයි ද ජවිපෙ පවසයි.