රිසානා නඩුවේ තවත් අයකුට අත්හිටැවූ සිර දඩුවම්


සෞදි අරාබියේදී මෑතදී හිස ගසා මරා දැමුණු රිසානා නෆීක්ට බොරු වයසක් දී ව්‍යාජ උප්පැන්න සහතිකයක් සැකසීමට සහාය දුන් තම්බි ලෙබ්බේ අබ්දුල් සලාම් කොළඹ මහාධිකරණයේදී  වැරදිකරු විය. දෙවසරක සිර දඩුවමක් නියම කර එය පස් වසරකට අත්හිටැවීය. රුපියල් 500 බැගින් චෝදනා දෙකට දඩද නියම විය.

මේ නඩුවෙන් රැකියා උප නියෝජිතයකු වූ මුත්තූර් ෂාපි නගර් හි සාහුල් හමීඩ් අබ්දුල් ලතීෆ්ද, කොල්ලුපිටියේ පකීර් මොහොමට් වජුර්දීන් ද වැරදිකරුවෝ වූහ.

ඔවුහු දැනට සිර දඩුවම් විදිති.