රිෂාඩ්ගේ පෙත්සම මාර්තුවේ විභාගයට


(රන්ජන් කටුගම්පොල)

2021 වසරේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගැනීමට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ මාර්තු මස 25 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේය.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීණ .

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව රහස් පොලිසිය විසින් තමන්ව අත් අඩංගුවට ගෙන නීතියට පටහැනි ලෙස රඳවා ගැනීම තුළින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණි.