(සුජිත් හේවාජුලිගේ)
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ කොළඹ පිහිටි නිවෙස රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද පරීක්ෂාවට ලක් කළ බව රජයේ රස පරීක්ෂිකා ගෞරි රාමණා මහත්මිය පැවසුවාය.
එම නිවසේ ස්ථාන ගණනාවක් මෙහිදී දැඩි පරීක්ෂාවට ලක් කෙරුණු බවද ඇය සඳහන් කළාය.
මෙසේ පරීක්ෂාවට ලක් කෙරුණු ස්ථාන අතර මියගිය මෙහෙකාර තරුණිය සිටි කාමරයද වෙයි.
මෙහෙකාර තරුණියගේ මරණය සම්බන්ධයෙන් රිශාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු ඥාතීහු කිහිපදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති .

