රිෂාඩ්ගේ නිවසේදී මිය ගිය දැරියගේ මරණය ගැන විශේෂ විමර්ශනයක්


(ඉන්දිකා  රාමනායක)

හිටපු අමාත්‍ය රිෂාඩ්  බදුර්දීන් මහතාගේ කොළඹ 7  පිහිටි නිවසේදී පිලිස්සුම් තුවාල ලබා මියගිය  16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන්  කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශයේ සහ බොරැල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

දැරියගේ මරණය සම්බන්ධයෙන් පැවති  පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් මෙලෙස විමර්ශන ආරම්භ කර ඇති බව ද හෙතෙම කීය.

ඩයගම ප්‍රදේශයේ පදිංචි 16  හැවිරිදි  දැරිය මෙම නිවසට  2020 වසරේ රැගෙන විත් ඇති බවත් තොරුතුරු අනාවරණය වී ඇතැයි ද එවකට ඇගේ වයස අවුරුදු 15ක්  බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.