රිෂාඩ්, ප්‍රේමලාල් මැති සබයට රැගෙන එති


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදුර්දීන් සහ ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරු පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි කරවීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට අද (18)පෙරවරුවේ රැගෙන එනු ලැබූහ .

එම මන්මන්ත්‍රීවරුන් දෙදෙනා එකඟ නම් පමණක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි කරවීමට කතානායකවරයා පසුගියදා තීරණය කළේය .

රිෂාඩ් බදුර්දීන් මහතා රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින අතර ප්‍රේමලාල් ජයසේකර මහතා මරණ දණ්ඩනය නියම වීමෙන් පසුව වැලිකඩ බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටි .