(අනීෂා මානගේ)
විදේශීය රටක නිෂ්පාදිත අධික වටිනාකමකින් යුත් කුඩා ප්‍රමාණයේ ස්වයංක්‍රීය බේබි රිවෝල්වරයක් හා මිලිමීටර නවය වර්ගයේ ජීව පතොරම් හතක් කෝටිපති ව්‍යාපාරිකයෙක් සමඟ තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ අංශයේ හා කොට්ඨාස නීති බලගැන්වීමේ ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට ලද රහසිගත තොරතුරකට අනුව අම්බලන්තොට, මාමඩල, ජංසගම ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසක් පරික්ෂා කර මෙම කුඩා රිවෝල්වරය හා පතොරම් සොයාගෙන තිබේ.
හම්බන්තොට අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත පොලිස් නිළධාරින් මෙම නිවස පරික්ෂා කරන අවස්ථාවේදී අදාළ ව්‍යාපාරිකයා නිවසට පැමිණ ඇත. මොහු ප්‍රදේශයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙක් බව පොලිසිය කියයි.
නිවසේ මුළුතැන්ගෙයි සිවිලිමේ කවුළුවක් සාදා සිවිලිමත් වහලයත් අතර කොටසේ ප්ලාස්ටික් පෙට්ටියක ඔයිල් යොදා ඒ තුළට රිවෝල්වරය හා පතොරම් දමා ආරක්ෂිතව සඟවා තිබී ඇත.