රිලව් කතාවට උත්තර දෙයි


(අංජුල මහික වීරරත්න)

ලංකාවේ රිලවුන් ලබාදෙන්නැයි ඉල්ලීම පැමිණියේ චීන ජනරජයෙන් නොව පෞද්ගලික සමාගමකින් බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

චීනයේ සත්වෝද්‍යාන  පිළිබඳ අභිජනන මධ්‍යස්ථාන පවත්වාගෙන යන පෞද්ගලික ආයතනයකින් එම ඉල්ලීම ලැබුණ බවත් මෙම සතුන්ගෙන් වන ව්‍යසන සම්බන්ධයෙන් සලකා බලන විට මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ලෙස සලකා බැලීමට සිදුවෙන බවත් අමාත්‍යංශ ලේකම්වරයා කීය.

අදාල ඉල්ලීම තහවුරු කළ හැකි  ලියවිලි අමාත්‍යාංශය  සතුව තිබෙන අතර චීනයේ සත්වෝද්‍යානය සඳහා අභිජනන කටයුතු වෙනුවෙන් සතුන් ප්‍රමාණයක් ලබා දෙන ලෙස එයින් ඉල්ලා තිබෙන බවද චීන  රජය මේ සම්බන්ධයෙන් ඍජුවම සම්බන්ධ වූයේ නැති අතර අදාල සමාගම මේ පිළිබඳව  දෙතුන්වරක් සාකච්ඡා කර තිබෙන්නේ යැයි කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ ය.


සබැඳි - අපි රිලව් ඉල්ලුවේ නෑ - චීනය