(එම්. සුසිල් ප්‍රියන්ත)
මට රිය පැදවීමේ බලපත්‍රයක් නොමැති වුවත් මට දැනට වසර හයක කාලයක සිට මේ කුඩා ලොරි රථයෙන් මාළු වෙළඳාම කරනවා. රිය පැදවිමට හොඳට පුළුවන් නිසා රියදුරු බලපත්‍රයක් නොමැති වුවත් මෙම ලොරි රථයෙන් ගමන් බිමන් යනවා.
බලපිටිය,රජ්ජවත්තේ දී ලොරි රථය පාරෙන් ඉවතට පැන මාර ගසක හැපී සිදු වු අනතුරින් දෙදෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බලපිටිය රෝහලේ පැවැති මරණ පරික්ෂණයේ දී සාක්කි දුන් කුඩා ලොරි රථය පැදවු රියදුරු වසන්ත කුමාරසිංහ මහතා එසේ පැවසීය.

