
(නිමල කොඩිතුවක්කු)
රියදුරු හිඟය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ 800ක් පමණ දිනකට ධාවනය නොවන බව ප‍්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
රියදුරන් 300 ක් පමණ මේ වනවිට පුහුණු කර ඇති බවත් ඔවුන් ඉතා ඉක්මණින් සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කීය.
මෙයට අමතරව පෞද්ගලික බස් රථ සේවකයන්ගේ බරපතල හිඟයක් පවතින බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
කොරෝනා හේතුවෙන් ගම්බිම් බලා ගිය බස් රථ සේවකයන් යළි සේවයට වාර්තා නොකිරීම සහ බස් රථවල ආදායම අඩුවීම හේතුවෙන් බස් රථ සේවකයන් සේවයට වාර්තා නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ජාතික ගමනාගමන කොමිසන් සභාවේ හෝ ප‍්‍රවාහන අධිකාරියේ පුහුණුවකින් පසු බස්රථ සේවකයන් බඳවා ගන්නා බැවින් හදිස්සියේ බස් රථ සේවකයන් සේවයට බදවා ගැනීම ගැටලූවක් වී ඇතැයිද විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

