රියදුරු වර්ජනයෙන් දුම්රිය ගමන් වාර 32ක් අවලංගුයි


(යොහාන් භාසුර)

දුම්රිය ධාවනාගාර රියදුරු වැඩ වර්ජනය හේතුවෙන් අද (7) පෙරවරුවේ පමණක්  දුම්රිය ගමන්වාර 32 ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

පස්වරුව වන විට අවලංගු වන දුම්රිය ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් කීය. 

 


රියදුරු වර්ජනයෙන් දුම්රිය රැසක් අවලංගුයි

2024-06-07
08:16 am

ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත්  දුම්රිය රියදුරන් ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කළ බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා මීට සුළු මොහොතකට පෙර පැවැසීය.

පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන දුම්රිය නියමිත පරිදි ධාවනය කළ බවත් කොළඹින් පිටත් වීමට නියමිතව තිබූ දුම්රිය රැසක් අවලංගු කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

එම අවලංගු කර දුම්රිය අතරට කාර්යාල දුම්රිය රැසක්ද ඇතුලත් බවද ඉඳිපොළගේ මහතා වැඩිදුරටත් කීය.

(ඡායා- විමුක්ති රුද්‍රිගු)