රියදුරා අල්ලයි


මාතර රෝහලේ දන්ත වෛද්‍ය ජානකී චන්දිමා බන්දුසේනගේ (32) මරණය සම්බන්ධයෙන් පෞද්ගලික බස් රියදුරකු කනංකේ පොලීසියෙන් අත්අඩගුවට ගත් බව ලිඛිතව දැනුම් දීමත් සමග  මාතර රෝහලේ දොස්තර හා සේවක වර්ජනය අවසන් විය. ඔහු අත්අඩංගුවට ගත් බව මාතර පොලීසිය වෛද්‍යවරුනට දැන්වූවිට ඒ බව ලිඛිතව දෙන තුරු වර්ජනය අවසන් නොකරන බව වෛද්‍යවරු කීහ.