රියගාලෙදි ගායිකාවගේ අතින් ඇදලා


භාතිය, සන්තුෂ් කණ්ඩායමේ  උමාරියා සිංහවංස ගායිකාවගේ අතින් ඇද හිරිහැර කළැයි කියන රංසි ජෙයිනූර් ලබන 14 වැනිදා කොළඹ කොටුව උසාවියට කැඳවමින් මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද නොතීසි නිකුත් කළේය. සංගීත සන්ධ්‍යාවකින් පසුව උමාරියා, සංතුෂ් ජයකොඩි ද සමග කොළඹ කොටුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ රියගාලට ගිය අවස්ථාවේ ඇයට හිරිහැර කර ඇතැයි ද, හිරිහැරයෙන් බේරීම සඳහා ඇය ජයකොඩිගේ කාරයට නැගගත් පසුව ද සැකකරු එහි දොරේ එල්ලී සිටි බවද උසාවියේ කියැවිණි.