
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
යතුරු පැදියක් ලොරි රථයක පිටුපස ගැටිමේන් සිදුවු අනතුරින් 15 හැවිරිදි පාසල් සිසුවෙක් මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත අයුරීන් මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය විරුතෝඩේ මුස්ලිම් මහා විද්‍යාලයෙ 10 ශ්‍රේණීයෙ අධ්‍යාපනය හදාරමින් සිටි කලීල් අහමද් මොහොමඩ් නැමති පාසැල් සිසුවකු බව කියයි.
අනතුරින් මරණයට පත් සිසුවා (ඊයේ) 17 දින රාත්‍රියෙ විරුතෝඩය මුස්ලිම් මහා විද්‍යාලය අසල දී තම මිතුරේකුගේ යතුරු පැදියක් ඉල්ලා ගෙන සුළු දුරක් ගමන් කරමින් සිටියදි ඉදිරිපසින් ගමන් කල ලොරි රථයෙ ගැටි මරණයට පත්ව ඇති බව කියයි.

