( දීපාල් ද සිල්වා)
නාවික හමුදා නිලධාරින් ප්‍රවාහනය කළ ලංගම බස් රථයක් තාප්පයක ගැටිමෙන් සිදුවු අනතුරෙන් නාවික භටයන් 5ක් තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කළ බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
අම්බලන්ගොඩ, රන්දොඹේ සංඝරාජ විහරය ඉදිරිපිට නිවසක තාප්පයක අද (28) අලුයම 2.30ට පමන බස් රථය ගැටි තිබේ.
අනතුර සිදුව ඇත්තෙ රියදුරුට නින්දයාම නිසා බවපොලිසිය කියයි. රියදුරු අත් අඩංගුවට ගෙන තිබේ.
නිවාඩු ලබා පැමින සිටි නාවික භටයන් 32 ක් බද්දේගම , ගාල්ල, කොග්ගල ප්‍රදේශවලින් රැගෙන කොළඹ බලා ගමන්කළ පානදුර ඩිපෝවට අයත් බස් රථයක් මෙම අනතුරට ලක්ව තිබේ.
පසුව අම්බලන්ගොඩ ඩිපෝවට අයත් බස් රථයකින් අනතුරට පත් බස් රථයේ සිටි පිරිස කොළඹ බලා රැගෙන යාමට නාවික හමුදාව කටයුතු කරන් ලැබිය.




