රිය අනතුරින් 60 හැවිරිදි කත මරුට


(දයා හේමන්ත සිල්වා   සහ සුමිත් පොතුපිටිය )

පන්සල් ගොස් එමින් සිටි කාන්තාවක් සහ ඥාති දියණියක්, මොරොන්තුඩුව ගෝනදූව තෙල් පිරවුම්හල ආසන්නයේදී, ස්කැමල් රථයකට යටවී කාන්තාව මියගොස් , ඥාති දියණිය බරපතල තුවාල ලබා ඇතැයි මොරොන්තුඩුව පොලීසිය පවසයි .

අනතුරෙන් මියගොස් ඇත්තේ, මොරොන්තුඩුව ,මහ ගෝනදූව ප්‍රදේශයේ පදිංචි ව සිටි , ප්‍රියන්කා කුමුදුනි වනසිංහ නැමැති 60 හැවිරිදි කාන්තාවක් වන අතර, බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ, 16 හැවිරිදි ගෝනදූව ප්‍රදේශයේ පදිංචි , වින්සදී නියදරා වනසිංහ නැමැති තරුණියෙකි.

මියගොස් ඇති කාන්තාවගේ, වැඩිමල් සොහොයුරිය අසනීප වී රෝහල් ගතව සිටින බැවින් , බෝධි පූජාවක් සිදුකර දෙදෙනා බන්ඩාරගම දෙස සිට කළුතර දෙසට පා ගමනින් පැමිනි ඇති අතර , මොරොන්තුඩුව ගෝනදූව තෙල් පිරවුම්හල ආසන්නයේදි, කළුතර දෙසින් පැමිණි ස්කැමල් රථයේ ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි මොරොන්තුඩුව පොලීසිය පවසයි.