(දයාරත්න ඇඹෝගම)
තලාව,මොරගොඩ, සුනාමි හන්දිය අසලදී ලොරියක් හා වැන් රථයක් එකිනෙක ගැටිමෙන් වෑන් රථයේ ගමන්ගත් එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි තලාව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ විජිතපුර, අලහප්පෙරුමගම පදිංචිව සිටි තාහිර් තස්මියා (32), නුර්දීන් මධුෂියා උම්මා (58) සහ එච.එම.සහරුනින්සා (23)නැමති ගැබිණි මවකි. මෙම අනතුරින් මෙම කාන්තාවගේ කුස තුළ සිටි දරුවාද මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
වෑන් රථය ගල්නැවෙ සිට තඹුත්තේගම දෙසටත් ලොරිය තඹුත්තේගම දෙස සිට හොරොව්පොතාන දෙසටත් ධාවනය වෙමින් තිබියදී තලාව මොරගොඩ ආසන්නයේදි මෙම අනතුර සිදු තිබේ.
මෙම අනතුරින් වෑන් රථයේ ගමනගත් කාන්තාවන් තිදෙනාත් පිරිමි පුද්ගලයන් තිදෙනාත් බරපතල තුවාල ලබා අනුරාධපර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කාන්තාවන් තිදෙනා මිය ගොස් තිබේ.
පිරිමි පුද්ගලයෝ තිදෙනා රෝහලේ ප්‍රතිකාර ලබති. ලොරි රථයේ ගමන්ගත් පුද්ගලයෝ දෙදෙනාද මෙම අනතුරින් තුවාල ලබා අනුරාධපර ශික්ෂණ රොහලේ ප්‍රතිකාර ලබති.
ඔවුන් හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සදහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

