(කාංචන කුමාර ආරියදාස සහ මහේෂ් කීර්තිරත්න )
මාතලේ පලාපත්වල නිල්දිය උයන ආසන්නයේදී රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයෙකු මෝටර් රියක ගැටී සිදු වු අනතුරකින් සැරයන්වරයා මියගොස් කොස්තාපල්වරයා තුවාල ලබා මාතලේ මුලික රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය කියයි.
මාතලේ පොලීසියට අනියුක්තව සේවය කරන මෙම නිලධාරීන් දෙදෙනා ඊයේ (18) රාත්‍රි 11.45 පමණ රාත්‍රී මුර සංචාරයේ යෙදි සිටියදී මාතලේ පලාපත්වල නිල්දිය උයන ප්‍රදේශයේ මාර්ගය අසල රැඳී සිටියදී එකවරම මෝටර් රථයක් වේගයෙන් පැමිණ පොලිස් නිලධාරීන් දෙදෙනා යටකරගෙන මෝටර් රථය විදුලි කණුවක ගැටී නතර වී ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල තිත්තවැල් ගොල්ල ප්‍රදේශයේ පදිංචි මලවිආරච්චි නැමැති පොලිස් සැරයන්වරයෙකු බව පොලිසිය කියයි.
තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වන විට මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
දඹුල්ල ප්‍රදේශයේ සිට පොල්ගොල්ල ප්‍රදේශයට මෙම මෝටර් රථය අධික වේගයෙන් ධාවනය වී තිබෙන බවත් රියදුරු පවසා ඇත්තේ ඔහුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවයි.
පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ මෙම මෝටර් රථයේ සිව් දෙනෙකු සිට ඇති බවත් අපරීක්ෂාකාරී රිය ධාවනය සහ අධික වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව තිබෙන බවත් ය.
එහි ගමන්ගත් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවත් මෝටර් රථයට දැඩි අලාභහානි සිදුව ඇතැයි පොලිසිය. කියයි මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ . මාතලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි
ඡායාරූප -කාංචන කුමාර ආරියදාස
(ඡායාරූපය - රවීන්ද්‍ර විරාජ්)