රිය අනතුරකින් ඉතාලියේදී ශ්‍රී ලාංකික තරුණයෙක් මරුට


    ( චන්දන ප‍්‍රනාන්දු )                                                                             
 
ඉතාලියේ කතානිය නගරයේ දී  සිදු වු රිය අනතුරකින් ශ‍්‍රි ලාංකික තරුණයෙක් මියගොස්  ඇත.  මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ පදිංචි එම් චින්තන ධනංජය (24)  නැමති තරුණයෙකි .


 ඊයේ (28) අලුයම  මෙම  අනතුර සිදු වී ඇත.


මියගිය තරුණයා රැකියාව කර තම ස්කුටරයෙන් නිවෙස බලා එමින් සිටියදි කතානියා නගරයේ හතරමං හන්දියකදි වෙනත් මාර්ගයකින් ආ ලොරි රථයක් ගැටී මෙම අනතුර සිදු වි ඇති බව කතානියා නාගරික පොලිසිය පවසයි.


මෙම අනතුරින් බරපතල තුවාල ලැබු ලාංකික තරුණයා එම ස්ථානයේම මියගොස් ඇති බව කතානියා නාගරික පොලිසිය සඳහන් කළේය.   

                                                                                 
කාලයක සිට ඉතාලියේ රැකියාව කරන මෙම තරුණයා ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ආදි සිසුවෙකි.