රිය අනතුරකින් 8ක් රෝහලේ


(ජයරත්න වික්‍රමාරච්චි)
 
පුත්තලම-අනුරාධපුර මාර්ගයේ අලුත්ගම 18 කණුව ප්‍රදේශයේදී අද(21) අලුයම සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ දරුවෙකු ඇතුළු අටදෙනෙකු නොච්චියාගම රෝහලට ඇතුළත් කළ සාලියවැව පොලීසිය කියයි.
 
කටුනායක සිට මුලතිව් ප්‍රදේශයට පිරිසක් රැගෙන ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඊට ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලොරියක පිටුපස  ගැටී මෙම අනතුර සිදුවී ඇත.
 
වෑන් රථයේ ගමන් කළ රියැදුරු ඇතුළුව පිරිමි සිව්දෙනෙකු හා කාන්තාවන් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
 
මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසෙන මෙම පිරිස විදෙස් ගතවන ඥාතියෙකු කටුනායක ගුවන් තොටුපල වෙතට ඇරළවා ආපසු මුලතිව් වෙතට යමින් සිටියදී මෙම අනතුරු සිදු වී ඇතිබවද පොලීසිය කියයි.

සාලියවැව පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.