රිය අනතුරකට පසු ටෙලි නිළි දිපානි සිල්වා අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වන දීපානි සිල්වා මහත්මිය පැඳවු  මෝටර් රියක  ත්‍රිරෝද රථයක් ගැටීමෙන්   එහි ගමන් කළ දස හැවිරිදි  දැරියක් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇත.


 බණ්ඩාරගම කිඳෙල්පිටියේදී මෙම අනතුරු සිදු වී ඇතැයි පොලීසිය පවසයි.


අනතුර සිදු වන අවස්ථාවේදී ත්‍රිරෝද රියෙහි සිටි දැරිය  විසි වී ගොස් බිම වැටී ඇති අතර  තුවාල වු දැරිය රෝහල් ගත කර තිබේ.


 දිපානි සිල්වා මහත්මිය  අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.