විජය පුවත්පත් සමාගමේ ඩබ්ලිව් ඒ ඩී රාමනායක මාවතේ පිහිටි වාහන නැවතුම්පොළට අනවසරයෙන් කඩා වැදී එහි නවතා තිබූ වෑන් රථයකට බෝතල්වලින් පහර දී අලාබ හානි කළ බව කියන තරුණයන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත් වන බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
සැකකරුවන් මාර්ග නීති උල්ලංඝණය කරමින් ධාවනය කරද්දී ඊට එරෙහිව නළාව නාද කළ නිසා උරණ වී වාහනය පසු පස ලුහු බැඳ විත් පහර දී ඇතැයි රියදුරු පොලිසියට පැමිණිලි කර ඇත.

