රිමාන්ඩ් බන්ධනාගාරවල ගත වී සිටින රැදවියන්ගෙන් නිදහස් කළ යුතු රැඳවියන් අධීකරණ මඟින් වහාම නිදහස් කැරවීමට පියවර ගන්නා බව සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා පැවසීය.
මෙම කටයුත්ත මාසයකදී ක්‍රියාවට නැංවිමට යයි. රිමාන්ඩ් බන්ධනාගාරවල ගතව සිටින රැදවියන්ගේ සංඛ්‍යාවට සහ ඔවුන් බන්ධනාගාර ගත කළ හේතු ඇතුළු සෑම විස්තරයක්ම හෙට (10) තමන් වෙත ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙත දැනුම් දුන් බවත් ගම්ලත් මහතා සඳහන් කළේය.
එම වාර්තාව ලැබුණු පසු මාසයකට වරක් බන්ධනාගාර වෙත ගොස් මෙම කර්තව්‍යය ඉටු කිරිමට කමිටුවක් පත් කැරෙයි. එම කමිටුව නීති ආධාර කොමිසමේ නිලධාරයෝද නවක නීතිඥවරුද , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රධාන මහේස්ත්‍රාත් අයත් වෙති. ඔවුන් සිටින බන්ධනාගාරයට ගොස් නිදහස් කළ යුතු සහ ඇප දිය යුතු රැඳවියන් ගැන එම මොහොතේම තීරණයකට එළඹෙයි. ඉන්පසු අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර රැඳවියන් නිදහස් කිරිම හෝ ඇප දෙනු ඇත.
බන්ධනාගාර ආඥා පනත යටතේ මාසයකට වරක් මහේස්ත්‍රාත්වරයා තම පළාතේ බන්ධනාගාරය වෙත යායුතු යැයි සඳහනක් කර ඇත.

