රිමාන්ඞ් හිරකරු ප‍්‍රා. සභා රැස්වීමේ මුලසුනේ


රිමාන්ඞ් හිරකරුවකු වන තංගල්ල ප‍්‍රාදේශීය සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණගේ ප‍්‍රධානත්වයෙන් තංගල්ල ප‍්‍රාදේශීය සභාව අද පැවැත්විණි. ඔහු එහි ගෙන ආයේ බන්ධනාගාරයේ හා පොලිස් ආරක්ෂාව ඇතිවය. පස්වරු තුනට යළි ඔහු බන්ධනාගාරයට රැගෙන ගියේය. පසුගිය නත්තල් දා තංගල්ලේ මැඩිල්ලේදී බි‍්‍රතාන්‍ය පුරවැසියකු මරා රුසියන් තරුණියකට තුවාල කළැයි ඔහු රිමාන්ඞ් ගතකරනු ලැබ සිටියි.